අභිරහස් මරණ දෙකක් හමුවෙයි.
නොච්චියාගම - පන්වැව ප්‍රදේශයේ පුද්ගලයෙකු කුඹුරක ඇති වළක් තුළ සැකකටයුතු ලෙස මිය ගොස් සිටියදී ඊයේ (02) දහවල් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, මාරගහවැව - නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
මරණකරු පෙරේදා සවස් කාලයේ දී කුඹුරේ ඇති පැලට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර ඔහු යළි නිවස වෙත නොපැමිණීම හේතුවෙන් මරණකරුගේ බිරිඳ විසින් නොච්චියාගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද කර ඇත.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර මීගමුව - කාමච්චෝඩය පොළ භූමියේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙතෙක් ඔහුගේ ඔහුගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර, ඔහු වයස අවුරුදු 60ත් 70ත් අතර වයසේ පසු වන, උස අඩි 05යි අගල් 06ක් පමණ වන, තළෙළු සාමාන්‍ය සිරුරක් සහිත පුද්ගලයෙක් බවයි පොලිසිය කියා සිටියේ.
ඔහු නිල් හා ගුරු පාට බතික් සරමක් හා ගුරු පාට අත්දිග කමිසයක් හැඳ සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.