විදුලිසැර වැදී පුද්ගලයන් දෙදෙනෙකු මරුට
electronic
Palmadulla
Batalanda
Kahavaththa hospital
By Sewvandhi
අනවසරයෙන් පතල් කැපීම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු පැල්මඩුල්ල බටලන්ද ප්‍රදේශයේ වෙල්යායක දී විදුලිසැර වැදී මියගොස් තිබේ.
පුද්ගලයින් දෙදෙනෙකු විදුලිසැර වැදී වෙල්යායක වැටී සිටින බවට ඊයේ (11) රාත්‍රියේ පැල්මඩුල්ල පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය විසින් තුවාලකරුවන් දෙදෙනා කහවත්ත රෝහලට ඇතුළත් කර ඇත.
එහිදී එම පුද්ගලයින් දෙදෙනා මියගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 28 සහ 38 හැවිරිදි බටලන්ද පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
අනවසරයෙන් පතල් කැපීමට ගොස් මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |