කාන්තා දිනය වෙනුවෙන් සියලූම කාන්තාවන් ට ජනපතිගෙන් ලැබුණු දේ..

Parliament of Sri Lanka Ranil Wickremesinghe Government Of Sri Lanka Latest Headlines
By Sewvandhi Mar 08, 2024 08:02 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බවයි.

කාන්තා දින සැමරුම් ජාතික උත්සවයට අද (08) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත. වැදගත් කෙටුම්පත් දෙකක්."

සෑම වසරකම මාර්තු 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි. මෙවර එහි ජාත්‍යන්තර තේමාව වන්නේ

" කාන්තාවන් සඳහා ආයෝජන කරන්න - ප්‍රගතිය වේගවත් කරන්න " යන්නය.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී,  ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු මෙරට ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණි. ''ඒ, ඇයට ශක්තිය - දැයට ප්‍රගතිය'' යන්න තේමා කරගනිමිනි.

GalleryGalleryGalleryGallery