කාන්තා වැසිකිළියෙ කැමරා ඔන්කරල ෆෝන් එක තියල ගිය සර්... රටම දන්න ටියුෂන් ගුරාගේ පිළිකුල් සහගත ආශාවන් ගැන, තරුණියක් එළිපිටම වමාරයි..අලුත්ම කතාවක් එළියට.
“ප්‍රියා මාව ඇතුළට ඇදලා ගත්තා. කොමඩ් එක ළඟම ........ පස්සෙ....”
“ඊළඟට එයා අපි ඉස්සරහාම, අපි බලාගෙන ඉද්දිම ..... කළා !” "ගම්පහ ප්‍රසිද්ධ ටියුෂන් ක්ලාස් එකක් හදිසියේ ම වහලා..."
"ආහ් හේතුවද ? ඒකේ වොශ් රූම් එකේ කැම් එකක් තිබිලා ! ඔව් ඔව් කෙල්ලන්ගේ වොෂ්රූම් එකේ තමයි.."
"සර්ලා දන්න මඟුලක් නෑ, කෙල්ලො දෙන්නෙක් දැකලා කියලා තියෙන්නේ..
අම්මලා කම්ප්ලේන් කරලා පොලිසියට.." "ඒ කැමරාව හෙන පවර් ෆුල්ලූ ! ඕන තැනක ඉඳන් මොබයිල් එකෙන් ආතල් එකේ බලන්න පුළුවන් ලූ.."
"අන්න කරපු එකාව අල්ලගෙන... හම ගහන්න ඕනි ඕකාව.. දෙයියනේ !! ඕකා දවසක් කීයක් තිස්සෙ ඔය තිරිසන් වැඩේ කරන්න ඇද්ද ?
කී දෙනෙක් දරුවන්ගේ දේවල් ඌ ළඟ ඇද්ද.. සර්පයා !!" ඒ කතාවෙන් පස්සෙ අලුත් ම කතාවක්ද ? නෑ.....
මේක පරණ කතාවක්...
කතාව කියන්නෙ එතකොට ටියුෂන් යන කෙල්ලෙක් ද ?
අපොයි නෑ... ටියුෂන් ගිහිල්ලා ඉවර වුණු කෙල්ලෙක්..
ඒකි උඹේ නොම්බරේ ඉල්ලුවා. උඹට සම්පූර්ණ කතා වස්තුව වට්ස්ඇප් කරයි.
උඹ පුළුවන් තාලෙකට ගළපගනින්... "මේක මගේ විදිහක්...
අකුරක් හරි උගන්නපු ගුරුවරයෙක්ට ගරහන්න මම කැමති නෑ.
ඔව් මේ කතාව ඇහුවට පස්සෙ ඔයා කියන්න පුළුවන්, මූ ගුරුවරයෙක් ද තිරිසනෙක්ද කියලා...?
ඒකට කමක් නෑ.
හැබැයි මම මේක කියන්නම ඕනි... අර ගම්පහ කතාව දැක්කම මට කෝච්චි පෙට්ටිය වගේ ආයෙම මේ සිද්ධිය මතක් වුණා....
මේක වුණේ අවුරුදු ගාණකට කලින්. හැබැයි ඔයා අහලවත් නැති කතාවක් මේ මම කියන්න යන්නේ..."
"...මගේ හොඳම යාලුවා ප්‍රියානි (ඒක බොරු නමක්.) අපි දෙන්නා එදා කම්බයින් ක්ලාස් ඉවර වෙලා යනකොට, හදිසියේම ප්‍රියාට ටොයිලට් යන්න ඕනි කිව්වා.
අපි දෙන්නා ආපහු වොෂ්රූම් ආවා. මේ ටියුෂන් එකේ, අපේ පන්තියේම විතරක් ළමයි 1000ක් විතර ඉන්නවා.
වොෂ් රූම් ගිය ප්‍රියා ආපහු එනකන් මම එළියේ හිටියේ.
එකපාරම ප්‍රියා කෑ ගැහුවා. මම දිව්වා බයවෙලා... ප්‍රියා මාව ඇතුළට ඇදලා ගත්තා. කොමඩ් එක ළඟම ෆෝන් එකක් වැටිලා.
ඒක ප්‍රියාගේ නෙවෙයි. වෙන කාගේ හරි එකක්... පස්සෙ අපි ඒක අරන් බලද්දි ඒකේ කැම් ඔන් වෙලා තිබුණා. ඒ කියන්නෙ වීඩියෝ ඔන් කරලා.
ෆෝන් එකේ වෝල් එකේ හිටියේ අපේ කම්බයින් සර්... ඒ කියන්නෙ මේක සර්ගේ වැඩක්...
අපි දෙන්නා ආවේශ වෙලා වගේ සර්ව හොයාගෙන ගියා. සර් ක්ලාස් එක ඉවරවෙලා ළමයි යනකන් බලාගෙන ඉන්නවා පාර දිහා..."
"එයාගේ ෆෝන් එකකුත් අරන් එන කෙල්ලො දෙන්නව දැක්කම එයාට බය හිතුණා. දාඩිය දැම්මා.
ප්‍රියා හොඳටම මලෙන් සර්ට බැන්නා. තිරිසන් වැඩ කරන්න එපා කිව්වා.
සර් අමුතු විදිහට, අසරණ විදිහට අපි දිහා බලන් හිටියේ.
උගුලට අහුවෙච්ච සතෙක් වගේ අසරණකමක් තිබ්බේ ඇස් දෙකේ. පස්සෙ එයා අපි දෙන්නට කෑ ගහන්න එපා එන්න කියලා, එයාගේ වාහනය ළඟට ගෙන්න ගත්තා.
විශ්වාස කරන්න අයියේ. එයා අපි දෙන්නාට අත්දෙක එකතු කරලා වැන්ඳා.
මේක කාටවත් කියන්න එපා, දහස් වාරයක් සමාවෙන්න කියලා..
ඊළඟට එයා අපි ඉස්සරහාම, අපි බලාගෙන ඉද්දිම ගැලරියේ තිබ්බ ඔක්කොම වීඩියෝ ඩිලිට් කළා.
එයා පාපොච්චාරණය කළා, මේක එයාගේ දුර්වලකමක් කියලා..."
"ප්‍රියා හොඳටම තරහින් හිටියත්, සර් හොටු පෙර පෙර අඬනවා දකිද්දි එයාටත් දුක හිතුණා.
අනික සර් ආයෙ ඒක කරන් නෑ කියලත් අපි ට පොරොන්දු වුණානේ.
ඉතින් අපි ආවා ආපහු.... සර්ගේ ක්ලාසුත් ගියා. ප්‍රියා කැම්පසුත් ගියා.
හැබැයි ක්ලාස් ගිය මාස කිහිපයේම හැමදාම මම ප්‍රියයි කොච්චර චූ බර හැදුණත් ආයෙ ඒ වොෂ්රූම් එකට නම් ගියේ නෑ.
ඉන්ටවල් එකේදී දුර වුණත් කමක් නෑ කියලා ටවුන් එකේ ෆුඩ් සිටියකට ගිහින් චූ කරලා එනවා..."
කතාව ඉවරයි... හොඳයි...
කතාවේ කපා කොටා දාලා නැහැ. හැබැයි ඔබට පුළුවන් ප්‍රියා වැරදියි කියන්න..
එක්කෝ මේ කතාව කියපු කෙල්ලත් වැරදි...
කැමරාව තියපු අර ගුරා නම් කොහොමත් වැරදි...
සෝශල් මීඩියා වයරල් නොවුණු කාලේ වුණත්, සිද්ධ වෙලා තියෙන දේවල් මාර දරුණුයි නේද ?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |