මෙරට තුළ රෝගීන් පිරිසකගේ ඉහළ යෑමක් - දරුවන් ගැනත් සැලකිලිමත්වන්න..

Tuberculosis Sri Lanka
By Sewvandhi Jun 21, 2023 04:17 PM GMT
Report

ක්ෂය රෝග මර්දන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සඳහන් කරන්නේ, පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ ක්ෂය රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි.

මේ වනවිට ලංකාව තුළ ක්ෂය රෝගීන් 6,000ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් නිරෝගී පුද්ගලයින්ට ක්ෂය රෝගය පැතිරීම සිදුවන බවද එම වැඩසටහන සඳහන් කළා.

එමෙන්ම, විශේෂයෙන් කුඩා දරුවන්ට එම බැක්ටීරියාව ශරීර ගතවූ විට දී ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ දුර්වලතා හේතුවෙන් ශරීරයේ නොයෙකුත් අවයවවලට සිදුවන බලපෑමද ඉතා ඉහළ බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ක්ෂය රෝග මර්ධන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඔනාලි රාජපක්ෂ මහත්මිය සඳහන් කරන්නේ,මෙම වසරේ පළමු කාර්තුව තුළ ක්ෂය රෝගීන් 2525 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.