මැදපෙරදිග ගැටුම් ඉක්මනින් අවසන් කළ හැකි බව ට්‍රම්ප් කියයි

Donald Trump Middle East Latest Headlines Sinhala news Iran-US Conflict
By R.rishma Aug 07, 2026 10:30 AM GMT
Report

මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය සහ ඉරාන අනුග්‍රහය ලබන කණ්ඩායම් සමඟ ඇති ගැටුම් ඉතා ඉක්මනින් අවසන් කිරීමට හැකිවනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ගැටුම්කාරී පාර්ශ්වයන්ට දීර්ඝ කාලයක් මෙලෙස ගැටුම් පවත්වාගෙන යා නොහැකි බවත්, පවතින තත්ත්වය කෙටි කාලයක් තුළ අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්ය.

මේ අතර, පසුගිය මාස කිහිපය තුළ මැදපෙරදිග ආරක්ෂක මෙහෙයුම් සඳහා අමෙරිකානු හමුදාවන් විසින් දිගුදුර මිසයිල ඇතුළු විශාල අවි ආයුධ ප්‍රමාණයක් භාවිත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, අමෙරිකාව සතුව ඇතැම් අවි ආයුධ වර්ග ප්‍රමාණවත් ලෙස පැවතුණද, ඇතැම් විශේෂිත පතොරම් සහ මිසයිල සංචිත සීමිත මට්ටමක පවතින බවයි.

කෙසේ වෙතත්, එම තත්ත්වය අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට හෝ හමුදා මෙහෙයුම්වලට කිසිදු බාධාවක් නොවන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.