ඉතිහාසය වෙනස් කරමින් පළමු වරට ජනාධිපතිවරයෙක් වරදකරුවෙක් වූ හැටි.
                                    
                    Donald Trump
                
                                                
                    United States of America
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු කර තිබෙනවා.
ඒ, මෑන්හැටන් ජූරි සභාවක් මඟින් වන අතර ජූරි සභිකයන් දින දෙකක් පුරා පැය 12කට ආසන්න කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.
අදාළ තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවට ප්‍රකාශ කරමින් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ට්‍රම්ප් බවයි.
මේ අතර මැතිවරණ කාලවකවානුවක් අතර අපරාධයකට වරදකරු වූ පළමු ප්‍රධාන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙසද ඔහු ඉතිහාසගත වනු ඇති.
..................................................
 
                 
                 
                                             
     
        
     
     
     
     
    