සති අන්තයේ ට්‍රිප් ගිය අයට විශේෂ දැනුම් දීමක්..වහාම මේ දේ කරන්න.
Covid
Sri Lanka
Healthy
Trip
By Aruna
සෞඛ්‍ය අංශවලින් ජනතාවට අනතුරු ඇඟවීමක් දීර්ඝ සති අන්තයේ විවිධ සංචාරවල හා පුද්ගලයින් වැඩි වශයෙන් එක් රැස්වන ස්ථානවල රැඳී සිටි පුද්ගලයින්ට උණ හෝ ශ්වසන රෝගී තත්ත්වයන් නිරීක්ෂණය වන්නේ නම් කඩිනමින් පරීක්ෂණ සඳහා යොමුවීම වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
මේ දිනවල ඩෙංගු රෝගයත් පවතින හෙයින් දීර්ඝ කාලයක් සුළුවෙන් හෝ උණ පවතී නම් එවැනි රෝගී තත්ත්වයන්ගෙන් වැළකීමට කටයුතු කිරීම ඉතා වැදගත් බව ඔහු පවසයි.
මේ අතර කොවිඩ් රෝගීන් සඳහා ඔක්සිජන් අවශ්‍යතාව සුළු වශයෙන් ඉහළයාමක් දක්නට ලැබෙන බව ඔහු සඳහන් කරයි.
මෙම තත්ත්වය සෞඛ්‍ය පද්ධතියට වැඩි බලපෑමක් නොවුණ ද එය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා පියවර ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |