නිධන් හෑරූ විහාරාධිපති හිමිනම අත්අඩංගුවට...

Sri Lanka Police Ratnapura Sri Lanka
By Sithumi Nov 21, 2022 12:47 PM GMT
Report

අද දහවල් කාලයේ තණමල්විල පොලිස් වසමේ ගලපිටිගල ප්‍රදේශය රක්ෂිත කැළෑවක පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයකට අනවසරයෙන් ඇතුළු වී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරන බවට තණමල්විල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

එහිදී එම ස්ථානයේ ගල් තලාවක කොටසක කැණීම් කරමින් සිටි විහාරාධිපති හිමිනමක් සහ තවත් හිමිනම වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හය දෙනකු පූජාවන් සඳහා රැගෙන ආ කැවිලි වර්ග මල් පහන් ඇතුළු පූජා භාණ්ඩ කැණිම් සඳහා යොදාගත් උදලු තුනක් අලවංගු දෙකක් හා ඔවුන් පැමිණි කැබ් රථයක් ද සමග පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් හිමිවරුන් අවුරුදු 18, 47 සහ 69 යන වයස්වල පසුවන රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන හිමිවරුන් වනවා. අනෙක් සැකකරුවන් අවුරුදු 25 ,26 සහ 39 යන වයස්වල පසුවන රත්නපුර ඕපනායක හා කහවත්ත ප්‍රදේශය වල පදිංචි කරුවන් වනවා.

මෙම සැකකරුවන් හෙට දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. තනමල්විල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now