අද සිට ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්ෂේත්‍රයේ අලුත්ම වෙනස..
අද(15) සිට නව බස් සහ දුම්රිය සේවාවක් යොදවා ඇත.
ඒ අනුව කැස්බෑව සිට පිටකොටුව, මොරටුව සිට පිටකොටුව, තොටලඟ සිට නාරාහේන්පිට, බදුරලිය මතුගම හරහා හොරණ, හොරණ - කළුතර හරහා අලුත්ගම, හෝමාගම, දෙල්කඳ හරහා නාරාහේන්පිට, හෝමාගම හයිලෙවල් පාර ඔස්සේ මරදාන, කොට්ටාව - මහරගම හරහා පිටිපන සහ රද්දොලුව සිට කොළඹ යන මාර්ගවල එම බස් රථ යොදවා තිබෙනවා. එමෙන්ම කලුඅග්ගල සිට කොළඹ ආනන්ද විද්‍යාලය දක්වා ද විශේෂ බස් රථ සේවාවක් යොදවා තිබෙන අතර කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ - කොටුව බලා නව දුම්රියක් එක් කිරීමත් සමඟ වන අතර අලුතින් එක් කෙරෙන දුම්රිය වග දුම්රිය ස්ථානයෙන් පෙරවරු 06.20ට ගමන් ආරම්භ කර, කොළඹ - කොටුව දුම්රිය ස්ථානයේ සිට පස්වරු 04ට වග දුම්රිය ස්ථානය බලා ගමන් කිරීමට නියමිතව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |