වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම්
Sri Lanka Police
Kandy
Nuwara Eliya
Sri Lanka
Western Province
By Sithumi
වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර තිබේ.
එසේම බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇත.
මේ අතර මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති HSN පීරිස් මහතා නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |