දුම්රිය මැදිරිවල වහලය මත ගමන් ගත් පිරිසට අවසානයේ සිදුවූ දේ.(PHOTOS)
Sri Lanka
Train Crash
By Aruna
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්යක් හේතුවෙන් දුම්රියෙන් ගමන් ගන්නා මගින්ට (24) දින දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරිම නිසා උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගි ප්‍රවාහන දුම්රියන් වල ගමන් කිරිමට විශාල මගින් සංඛ්‍යාවක් සිටියහ.
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ මැදිරි තුල ඉඩ ප්‍රමාණවත් නොවිම හමුවේ මගින් පිරිසක් දුම්රිය මැදිරිවල වහල මත අනාරක්ෂිත ලෙස ගමන් කරමින් සිටියදි එම පිරිස දුම්රිය මැදිරි වහල මතින් බිමට බස්සවා මැදිරි තුලට යොමු කිරිමට හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින් පියවර ගැණින.
උඩරට දුම්රිය මාර්ගයේ සැම දුම්රිය ස්ථානයකම විශාල මගින් සංඛ්‍යාවක් දුම්රියෙන් ගමන් කිරිමට (24) දින සිටි බවයි දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |

