යළිත් දුම්රිය වර්ජනය කරහොත් වැඩ වරදී - රස්සාවටත් තට්ටු වන ලකුණු..
Bandula Gunawardane
Sri Lanka Railways
Department of Railways
By Sewvandhi
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ, ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් යළිත් වරක් දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවුවහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බවයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්වී තිබියදී වර්ජනවල නිරත වීම අතිශය වැරදි සහගත ක්‍රියාවක් බවත් ඕනෑම ගැටලුවක් සාකච්ඡා කිරීමට දුම්රිය සේවකයින්ට අවස්ථාව සලසාදී ඇති බවත්ය.
මතභේදකාරී තත්ත්වයකට තුඩු දී ඇති 2020 වසරේ දී වැඩ අවසන් වු හැටන් නව දුම්රිය ස්ථානය සහ වෙළෙඳ සංකීර්ණය මේ දක්වාත් විවෘත කර නොමැති අතර එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම අදහස් පළ කළේය.