දුම්රිය වර්ජනය අත්හිටුවයි..!

Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 01, 2022 11:17 AM GMT
Report

දුම්රිය වෘත්තීය සමිතිවල වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ. එනම් පවතින ඉන්ධන අර්බුදය හමුවේ අද පෙරවරුවේ දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක නිරත වුණා.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වුව ද ප්‍රමාදයන්ට යටත්ව සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

මේ අතර, පවතින ඉන්ධන ගැටලුවත් සමග දුම්රිය සේවකයින්ට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 22 ක් අවලංගු වී ඇතැයි සඳහන්.

ඒ අනුව රඹුක්කන මීරිගම සහ වේයන්ගොඩ දක්වා කොලඹ කොටුවෙන් ආරම්භ වී ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් සහ හලාවත පානදුර වාද්දූව දක්වා ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක්ද අවලංගු වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now