හදිසියේම දුම්රිය ස්ථානයක් වසා දමයි..
Covid
Puththalama
Train station closed
Alawathugoda train station
By Aruna
පුත්තලම මාර්ගයේ අලවතුපිටිය උප දුම්රිය ස්ථානයේ සියලුම සේවකයන් ‘කොවිඩ්’ ආසාදිතයන් වීම නිසා එම උප දුම්රිය ස්ථානය වසා දැමීමට පියවර ගත් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී. සෙනවිරත්න මහතා පැවසීය.
එම උප දුම්රිය ස්ථානය ලබන සඳුදා (14 වැනිදා) නැවත විවෘත කිරීමට සූදානම් කරන බව ද ඒ. ඩී. ජී. සෙනවිරත්න මහතා වැඩි දුරටත් කියා සිටියා.
මේ අතර මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වටවල දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක් වුණා.
මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව යි පාලක මැදිරිය සඳහන් කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |