දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මගීන්ට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Railways Department of Railways Railways
By Aruna Apr 19, 2024 05:00 AM GMT
Report

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් හා කැළණිවැලි මාර්ගයේ ගමන් වාර දෙකක් ලබන 25 වන දින දක්වා මෙලෙස අවලංගු කළ බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ උදෑසන 07.02ට කොළඹ - කොටුව සිට රාගම බලා ධාවනය වන දුම්රිය සහ රාගම සිට උදෑසන 07.30 ට කොළඹ - කොටුව බලා ධාවනය වන දුම්රිය අවලංගු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කැලණිවැලි මාර්ගයේ පාදුක්ක දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.20 ට කොළඹ - කොටුව බලා ධාවනය වන දුම්රිය සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 07.15 පාදුක්ක බලා ධාවනය වන දුම්රිය මෙලෙස අවලංගු කිරීමට පියවර ගෙන ඇත.