ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී සිදු වූ බිහිසුණු අනතුර පුද්ගලයෙකුට දිවි අහිමි කරයි..

Kandy Sri Lanka Railways Accident
By Sewvandhi Jan 27, 2023 08:47 AM GMT
Report

කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු මියගොස් තිබේ. 

 මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවූ පොත්තේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ රාත්‍රියේ මීරිගම විජයරජදහන දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ.

මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now