මෝටර් රථයක් දුම්රියක ගැටී මීටර් 200ක් ඇදී යයි - ඇග හිරිවැටෙන අනතුරෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

Accident
By Sewvandhi Mar 16, 2023 08:19 AM GMT
Report

කොග්ගල ප්‍රදේශයේ දී නුවර සිට මාතර දක්වා ධාවනය වු දුම්රියේ, මොටර් රථයක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොග්ගල පොහොර ගබඩාව අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීමට උත්සාහ කළ මෝටර් රථයක් එලෙස අනතුරට ලක්ව තිබුණි.

පසුව එම ස්ථානයේ සිට මීටර් 200ක් දුරින් පිහිටි කොග්ගල ගුවන් හමුදා කඳවුර අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය දක්වා මෝටර් රථය දුම්රියේ පැටලී ඇදි ගොස් තිබෙනවා.

අනතුරට ලක්වු මෝටර් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙක් සිරවී සිටි අතර ඔවුන්ව බේරාගැනීමට ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා තිබෙනවා.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. 

වැඩි විස්තර..