තරුණියන් දෙදෙනෙක් දුම්රියේ ගැටී සිදු වූ බරපතල අනතුර..

Accident
By krishani Jul 29, 2022 02:17 AM GMT
Report

වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙක් දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක තරුණියක් වන අතර ඇය ග්‍රාසියන් කොටස, උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

වැල්ලවත්ත පොලිස් වසමේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය අසළදී කොළඹ කොටුව සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් ඊයේ(28) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත.

මියගිය තරුණිය සහ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන තරුණිය එකම පවුලේ සහෝදරියන් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join