ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිම ගැලවී කිලෝමීටරයක් පෙට්ටි නැතිව යයි..

Sri Lanka Train Crash Accident
By Aruna Apr 09, 2023 06:10 AM GMT
Report

ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රිය උතුරු කළුතර ප්‍රදේශයේ දී එන්ජිම මැදිරිවලින් වෙන්වී ධාවනය වීමේ පුවතක් වාර්තා වනවා.

දුම්රිය බලධාරීන් සඳහන් කළේ, උතුරු කළුතර සහ නොම්මර 01ක දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දී එම සිදුවීම අද (09) උදෑසන සිදුව ඇති බවයි.

දුම්රියේ එන්ජිම දුම්රියෙන් ගැලවී ගොස් කිලෝමිටරයක පමණ දුරක් ධාවනය වී ඇති බවයි වාර්තා වන්නේ.

නියාමක මැදිරියේ කප්ලිමට ඉහළින් දුම්රිය එන්ජිමේ කප්ලිම පැනීම හේතුවෙන් එය සිදුව ඇති බවට අනාවරණය වී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මිනිත්තු 15ක පමණ කාලයකින් පසු යළිත් දුම්රිය එන්ජිම සවිකිරිමෙන් පසු එම දුම්රිය මරදාන බලා ධාවනය කිරීමට කටයුතු කළ ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now