එකම දුම්රියේ වාහන 03ක් ගැටී සිදුවූ බිහිසුණු අනතුර මෙන්න..

Sri Lanka Accident
By Aruna Feb 20, 2023 07:34 AM GMT
Report

කන්කසන්තුරේ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ යාල්රාණී දුම්රියට කිළිනොච්චියේ දී හා වවුනියාවේ දී වාහන තුනක් ගැටීම නිසා පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම අනතුරට ලක් ව ඇත්තේ ලංගම බස් රථයක් සහ වෑන් රථයක් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

අදාළ බස් රථය සහ වෑන් රථය එකම දුම්රිය ස්ථානයක දී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, තුවාල ලැබූවන් මේ වනවිට කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now