දුම්රිය මාර්ගයේ සිදුවූ අවාසනාවන්ත ඉරණම මෙන්න.(PHOTOS)

Sri Lanka Accident
By Aruna Jul 06, 2022 02:57 AM GMT
Report

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරහා යතුරුපැදියක් ධාවනය කිරීමට උත්සහ ගැනීමෙදී යතුරුපැදිය දුම්රියේ ගැටීමෙන් යතුරපැදිකරු 04 දින මියගොස් ඇතැයි සෙට්ටිකුලම් පොලීසිය පවසනවා.

කොළඹ සිට තලෙයිමන්නාරම දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රිය සෙට්ටිකුලම් ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබියදී අතුරු මාර්ගයකින් අදාල යතුරුපැදිය දැමීමට උත්සහ ගැනීමේදී මෙම අනතුර සිදුව ඇති බවටත් අදාල ස්ථානයේ දුම්රිය ආරක්ෂිත ගෙට්ටුවක් හෝ සංඥා පුවරුවක්ද නොමැති බවටද ප්‍රදේශවාසීන් පැවසූහ.

දුම්රියේ ගැටීමෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සෙට්ටිකුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතනෙතුරින් මියගොස් ඇත්තේ සෙට්ටිකුලම් කාන්තිනගර් ප්‍රදේශයේ පදිංචි රුක්ෂාන් නැමති 33 හැවිරිදි අයෙකු බවට පරික්ෂණ සිදුකරන සෙට්ටිකලුම් පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery