ඉදිරි සති 02 කේ දුම්රිය මඟීන්ට සුබ ආරංචියක්..

Sri Lanka
By Aruna Jan 04, 2023 03:11 AM GMT
Report

කැලණිවැලි මාර්ගයේ ධාවනයට 'සීතාවක ඔඩිසි' නමින් නව දුම්රියක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම කටයුතු ක්‍රියාත්මක කරයි.

ඉදිරි දෙසතිය ඇතුළත නව දුම්රිය ධාවනයට එක්කිරීමට නියමිතයි.

එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන අතර එය ගමනාන්තය දක්වා ආකර්ෂණීය ස්ථානවල නතර කෙරෙනු ඇත.

කොළඹට නුදුරු රන්මුදු ඇල්ල, කුමාරි ඇල්ල, ගොරක ඇල්ල ආදී දිය ඇලි මෙන්ම තුම්මෝදර වැල්පාලම, ගල් බංගලාව, කොඩිගල කඳු පන්තිය, සීතාවක උද්භිද උද්‍යානය, ලබුගම හා කලටුවාව ජලාශ මෙම මාර්ගය ආශ්‍රිත ව පිහිටා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now