සංචාරකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කරන්න යන දේ මෙන්න.

Sri Lanka Tourism Sri Lanka Tourism
By Aruna Jun 30, 2022 05:39 AM GMT
Report

ශ්‍රී ලංකාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට පත් කළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත් මානව සම්පත් රට තුළ ඇති බව සංගමය පෙන්වා දෙයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටලුවලට විසඳුම් සෙවීමේ උපාය මාර්ගික වැඩපිළිවෙළක් ගොඩනගා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට දිය හැකි සහාය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කෙරිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now