ශ්‍රී ලංකාව ගැන ලෝකෙන්ම ඇහෙන සුබ පුවත

World Tourism Day Sri Lanka Tourism Tourism Tourist Visa
By Sithumini Mar 20, 2025 01:25 PM GMT
Report

ලොව පුරා සියලු රටවල් අතරින් දූවා දරුවන් ඇතුළු පවුලේ සැම සමග පදිංචි වීමට ලොව සුදුසුම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ඒ ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන CN Traveler සඟරාව කළ ශ්‍රේණිගත කිරීමකට අනුව ලොව පදිංචි වී ජීවත් වීමට සුදුසු රටවල් 10 අතර පළමු ස්ථානය ශ්‍රී ලංකාව හිමිකර ගනිමින්.

CN Traveler සඟරාව සඳහන් කරන්නේ රටේ සංස්කෘතිය, රැකියාවක් සොයා ගැනීමේ පහසුව, ප්‍රවාහන පහසුකම්, සෞඛ්‍ය, ආරක්ෂාව සහ අධ්‍යාපන පද්ධතිය ඇතුළු අංශ රැසක් සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණි ගත කිරීම සිදු කළ බවයි. ඒ අනුව ලොව ප්‍රබලතම රාජ්‍ය ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයට හිමිව ඇත්තේ 10 වෙනි අවසන් ස්ථානය වීම විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 9 වෙනි ස්ථානයයි. 2 වන ස්ථානය ස්වීඩනයත්, 3 වන ස්ථානය නෝර්වේ රජ්‍යයත්, 4 වන ස්ථානය නවසීලන්තයත් හිමි කරගෙන තිබෙනවා. 5 වන ස්ථානය අයිස්ලන්තයද, 6 වන ස්ථානය ජර්මනියද හිමිකර ගෙන ඇති අතර ෆින්ලන්තයට හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි.

ඩෙන්මාර්ක් රාජ්‍යට 8 වන ස්ථානය හිමිව තිබෙනවා.

10.USA

9. Australia

8. Denmark

7. Finland

6. Germany

5. Iceland

4. New Zealand

3. Norway

2. Sweden

1. Sri Lanka - Best Country