Facebook සහ Instagram ගැන දැඩි තීරණයක්? - යුරෝපා සංගමය කරන්න යන දේ මෙන්න.
මෙටා සමාගමේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල පිළිබඳව, යුරෝපා සංගමය නිල විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ සමාජ මාධ්‍ය ජාලවල ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති නීති උල්ලංඝනය කර ඇති බවට මෙටා සමාගමට එල්ලවී ඇති චෝදනා හේතුවෙන්.
යුරෝපා සංගමය අවධාරණය කරන්නේ, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා දරුවන් තුළ විවිධ ඇබ්බැහිවීම් නිර්මාණය වන බවත් ඉන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානිවන බවත්ය.
එමෙන්ම එම සමාජ මාධ්‍යජාල භාවිතයේ දී පරිශීලිකයින්ට ස්වයංක්‍රීයව වීඩියෝ සහ ඡායාරූප නිර්දේශ කෙරෙන ඇල්ගොරිදමය පිළිබඳව ද විමර්ශනය කෙරෙන බව වාර්තා වෙනවා.
මේ අතර ෆේස්බුක් ගිණුමක් සැකසීමේ දී වයස සත්‍යාපනය කිරීමේ ක්‍රමය පිළිබඳව ද යුරෝපා සංගමයේ අවධානය යොමුව කර ඇති අතර මෙටා සමාගම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ නීති උල්ලංඝනය කර ඇති බවට අනාවරණ වුවහොත් මෙටා සමාගමට එහි ගෝලීය පිරිවැටුමෙන් සියයට 6ක දඩයක් පැනවිය හැකියි.
.................................................................