අද දින පැය 18ක ජල කප්පාදුවක් - ප්‍රදේශ සියල්ල මෙන්න
Sri Lanka
Water Cut
Water Board
By Sewvandhi
අද (03) පෙරවරු අටේ සිට හෙට අලුයම දෙක දක්වා පැය 18 ක කාලයක් කොළඹ ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මෙන් ම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට ද එම කාලසීමාවේදී ජල සැපයුම අත්හිටුවනු ලබයි.
එමෙන්ම කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමටයි පියවර ගැනෙන අතර අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |