වැල්ලෙත් බඹර කැරකෙන ප්‍රබල ග්‍රහ යෝගයක් - ඔයාගෙ ලග්නයටත් අද කොහොම බලපායි ද?.. හැබැයි අනිත් ලග්නවලට මෙහෙමයි..

Astrology Lagna Palapala Jothishya Lagna Latest Headlines
By krishani Jan 07, 2024 11:07 PM GMT
Report

වැල්ලෙත් බඹර කැරකෙන ප්‍රබල ග්‍රහ යෝගයක් - ඔයාගෙ ලග්නයටත් අද කොහොම බලපායි ද?.. හැබැයි අනිත් ලග්නවලට මෙහෙමයි.. | Today Lagna Palapala 8Th January 2024

මේෂ 🟢

මේෂ ලග්න හිමි ඔබට අද එතරම් යහපත් නොවේ. ඔබගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය.බොහෝ කල්පනාකාරී විය යුතුය.ඒ ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් ය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත් විය යුතුය.ඔබ විවාහක අයෙක් නම්, යුගදිවියේ බාධා අවුල් ඇති කර ගනී.

වෘෂභ 🟢

විවාහ අපේක්ෂකයන්ට ශුභයි.නමුත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී.ඔබ විවාහක අයෙක් නම්, යුගදිවියේ බාධා අවුල් ඇති කර ගනී. හොඳින් වටහා ගෙන ඉවසීමෙන්, සාමයෙන් සහ මනා සිහි නුවණින් යුතුව කටයුතු කළ යුතුය.

මිථුන 🟢

අන්‍යයන් ඇසුරු කිරීමේ දී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය ආහාර අරුචිය විය හැකි නිසා පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකියි.ඉවසීමෙන්, සාමයෙන් සහ මනා සිහි නුවණින් යුතුව කටයුතු කිරීමට සිතට ගත යුතුය.

කටක 🟢

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. ඔබගේ මෘදු මොළොක් සිතුවිලි අතුරුදන්ව තද සිතක් ඇතිවීමටත්, වහා කෝප ගැනීමට හා දුෂ්ට ක්‍රියාවලට පෙළඹීමටත් ඉඩ ඇත. විවාහක අයෙක් නම්, යුගදිවියේ බාධා අවුල් ඇති කර ගනී. හොඳින් වටහා ගෙන ඉවසීමෙන්, සාමයෙන් සහ මනා සිහි නුවණින් යුතුව කටයුතු කළ යුතුය.

සිංහ 🟢

සිංහ ලග්න හිමි ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙයි. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගනි.ඉන් සතුටට පත් වේ.ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.

කන්‍යා 🟢 

කන්‍යා ලග්න හිමි  ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වේ.යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. වහා කෝප ගැනීමට හා දුෂ්ට ක්‍රියාවලට පෙළඹීමටත් ඉඩ ඇත.

තුලා 🟢 

අද ඔබට ඉතාම ශුභයි.ඔබේ කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය වේ. මුදල් අතින් අඩු පාඩුවක් නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. ඉතා සතුටින් කාලය ගෙවයි.මෘදු මොළොක් සිතුවිලි අතුරුදන් වෙයි. තද සිතක් ඇතිවීමටත්, වහා කෝප ගැනීමට පෙළඹෙයි.

වෘශ්චික 🟢

අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙයි.ඔවුන්ගේ උදව් උපකාරද ලැබෙයි. උසස් සිතුවිලි ඇති වේ. ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.

ධනු 🟢

ධනු ලග්න හිමි ඔබට ශුභදායක නොවේ. සිත නිතර චංචල වේ.දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට අද පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය.

මකර 🟢

අද ඔබට ඉතාම ශුභයි. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වේ. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යයි. තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.

කුම්භ 🟢

කුම්භ ලග්න හිමි ඔබට යහපත් ප්‍රථිඵල ලැබෙයි.ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලැබෙයි.ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක් ද වේ.

මීන 🟢

ඔබේ දියුණුවේ දොරගුලු විවර වේ. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වේ. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වේ. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වේ.ඉන් ඔබේ මතු දියුණුවට පෑදේ.ගුරු වෘත්තියේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ.

Sponsored By Sarrita Jewellery

වැල්ලෙත් බඹර කැරකෙන ප්‍රබල ග්‍රහ යෝගයක් - ඔයාගෙ ලග්නයටත් අද කොහොම බලපායි ද?.. හැබැයි අනිත් ලග්නවලට මෙහෙමයි.. | Today Lagna Palapala 8Th January 2024