කල්පනාකාරී විය යුතුම දවසක් අද - හේතුව මොකක්ද දන්නව ද?..

Astrology Lagna Palapala Jothishya Lagna Latest Headlines
By krishani Apr 28, 2024 11:12 PM GMT
Report

කල්පනාකාරී විය යුතුම දවසක් අද - හේතුව මොකක්ද දන්නව ද?.. | Today Jothishya Lagna Palapala 29Th April 2024

🟢මේෂ

දියුණුවේ දොරගුලු විවර වේ. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි.ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ.ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. හිතවතුන් ගෙන් හොඳ හිත දිනා ගනී. 

🟢වෘෂභ

අද ඔබට එතරම් යහපත් නොවේ.හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකිය.ඒ හේතුවෙන් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් ඈත් විය යුතුය.ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමට ද ඉඩ ඇත.

🟢මිථුන

විවාහ අපේක්ෂකයන්ට අද දවස ශුභයි. විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකිය.සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ. ඔබ තුල ඇති යහපත්කම ඉස්මතු වේ.ඒත් සමග ඔබ ගුණ නුවණින් පිරි සහ ආගම දහමට ලැදියාව ඇති අයෙක් වේ. හිතවතුන් ගෙන් හොඳ හිත දිනා ගනී.

🟢කටක

අන්‍යයන් ඇසුරු කිරීමේ දී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත.කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය ආහාර අරුචිය විය හැකිය.ඒ නිසා පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකිය.ඔබ තුල ඇති යහපත්කම ඉස්මතු වේ.ඒත් සමග ඔබ ගුණ නුවණින් පිරි සහ ආගම දහමට ලැදියාව ඇති අයෙක් වේ.

🟢සිංහ

ඉගෙනන ගන්නා අයගේ අද උනන්දුව වැඩි වේ.තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකිය. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.යහපත්කම ඉස්මතු වීමත් සමග ඔබ ගුණ නුවණින් පිරි සහ ආගම දහමට ලැදියාව ඇති අයෙක් වේ. හිතවතුන් ගෙන් හොඳ හිත දිනා ගනී. ඔවුන්ගෙන් උදව් උපකාරද හිමි වේ.

🟢කන්‍යා

ඔබට අද මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙයි. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගනී.ඉන් සතුටට පත් වේ.සිතේ ඇති කරවන නොසන්සුන්කම පාලනය කර ගැනීමෙන් ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.

🟢තුලා

අද ඔබගේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වේ. යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.

🟢වෘශ්චික

අද ඔබට ඉතාම ශුභයි.කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ.ඉතා සතුටින් කාලය ගෙවීමට හැකි වේ. ගුණ නුවණින් පිරි සහ ආගම දහමට ලැදියාව ඇති අයෙක් වේ. හිතවතුන් ගෙන් හොඳ හිත දිනා ගනී.

🟢ධනු

අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙයි. ඔවුනගේ උදව් උපකාර ද ඔබට හිමියි. උසස් සිතුවිලි ඇති වේ. ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.ගත හිත දෙකම ක්‍රියාශීලී වේ. ඇවිදීමට ද ප්‍රිය කරයි.

🟢මකර

අද ඔබට ශුභ නොවේ. සිත නිතර චංචල වේ. දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට අද පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. යහපත්කම ඉස්මතු වේ. ඔබ ගුණ නුවණින් පිරි සහ ආගම දහමට ලැදියාව ඇති අයෙක් වේ.

🟢කුම්භ

අද ඔබට ඉතාමත් ශුභ දිනයකී. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යයි. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ.

🟢මීන

ඔබට යහපත් ප්‍රථිඵල ලැබෙයි.සාමාන්‍ය හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබෙන දවසකී.දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ. එමෙන්ම, අද ඔබට හැමඅතින්ම වාසනාවන්ත දිනයක් ද වේ.