වැල්ලෙත් බඹර කැරකෙන ප්‍රබල ග්‍රහයෝගයක් - බලන්නකෝ ඔයාගෙ ලග්නයට අද මොකද වෙන්නෙ කියලා..

Astrology Lagna Palapala Jothishya Lagna Latest Headlines
By krishani Feb 25, 2024 11:47 PM GMT
Report

වැල්ලෙත් බඹර කැරකෙන ප්‍රබල ග්‍රහයෝගයක් - බලන්නකෝ ඔයාගෙ ලග්නයට අද මොකද වෙන්නෙ කියලා.. | Today Jothishya Lagna Palapala 26Th February 2024

🟢මේෂ

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩි වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකි අතර ක්‍රීඩාවට ඇළුම් කරයි.එමෙන්ම ඒ අයට නිරෝගී සුවය හිමිය. දරුවන් ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි. ඔවුන් සමග ප්‍රීතියෙන් කල් ගෙවයි.ආත්ම ශක්තියෙන් යුතුව අභියෝග ජය ගැනීමට හැකිය.

🟢වෘෂභ

ඔබට අද මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකිය. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගනී.එයින් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු කරයි.

 🟢මිථුන

අද දිනයේ ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වයි.තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.ඔබේ එඩිතර ගති සහ සෘජු අදහස් ඉස්මතු වේ. ප්‍රතිපත්ති ගරුකව ආත්ම ශක්තියෙන් යුතුව අභියෝග ජය ගැනීමට හැකිය.

🟢කටක

අද ඔබට ඉතාම ශුභයි.කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ.පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද ඔබට අවස්ථාව ලැබෙයි.

🟢සිංහ

ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙයි. ඔවුනගේ උදව් උපකාර ද ලැබෙයි. උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ.අද ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.

🟢කන්‍යා

අද දිනයේ ඔබට ශුභදායක නොවේ. සිත නිතර චංචල වේ.දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. ඔබේ එඩිතර ගති සහ සෘජු අදහස් ඉස්මතු වේ. ආත්ම ශක්තියෙන් යුතුව අභියෝග ජය ගැනීමට හැකිය.

🟢තුලා

අද ඔබට ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වේ. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යයි. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාව ලැබෙයි. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.

🟢වෘශ්චික

ඔබට යහපත් ප්‍රථිඵල අද ලැබෙයි.සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. ඔබට වස්තුව සහ සැප සම්පත් ලැබෙයි. එමෙන්ම ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ. ලෞකික ආශාවන් ඇති වේ.වැඩිහිටියන්ගෙන් උපකාර ලබයි.

🟢ධනු

ඔබේ දියුණුවේ දොරගුලු විවර වේ.උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වේ.එය ඔබේ මතු දියුණුවට හේතු වේ. ඔබේ එඩිතර ගති සහ සෘජු අදහස් ඉස්මතු වේ.ප්‍රේමය සම්බන්ධ කටයුතුවලදී තම ගෞරවය රැක ගැනීමට සහ දියුණුව පිණිස උත්සාහ ගනියි.

🟢මකර

අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. එඩිතර ගති සහ සෘජු අදහස් ඉස්මතු වේ. 

🟢කුම්භ

විවාහ අපේක්ෂකයන්ට අද ඉතාම ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකිය.සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ. ඔබේ එඩිතර ගති සහ සෘජු අදහස් ඉස්මතු වේ. ප්‍රතිපත්ති ගරුකව ආත්ම ශක්තියෙන් යුතුව අභියෝග ජය ගැනීමට හැකිය.

🟢මීන

අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ.මන්දාග්නිය ආහාර අරුචිය විය හැකි නිසා පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකියි. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය.

.