අද ඔබ කල්පනාකාරීම විය යුතු දවසක්.. හේතුව මේකයි.. ඔයාගේ ලග්නයට කොහොමද කියලා බලලම දවස පටන් ගන්න..
?මේෂ
අද අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත.ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.කෑමට ප්‍රිය වේ.
?වෘෂභ
ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩි වෙයි.තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකිය. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. ස්ත්‍රීන් කෙරේ වැඩි නැඹුරුවක් ඇති වෙයි. සෞඛ්‍යය ක්ෂේත්‍රෙය් නියැලෙන්නන්ට සහ බෙහෙත් ද්‍රව්‍ය අලෙවි කරුවන්ගේ ආදායම් ඉහළ යයි.
?මිථුන
මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට ඔබට අද හැකියාව ලැබෙයි. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ.ඔබට තීක්ෂණ බුද්ධිය සහ ශාන්ත නිවුනු ගති පැවතුම් ඇති වෙයි.
?කටක
අද ඔබගේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි.තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත.පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී.
?සිංහ
අද දිනය ඔබට ඉතාම ශුභයි. කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට හැකි වේ.
?කන්‍යා
අන් අයගේ සිත් දිනාගෙන කටයුතු කිරිමට හැකි වෙයි. ඇසුරට උසස් මිතුරන් ලැබෙයි. උදව් උපකාරද ඔබට ඔවුන්ගෙන් ලැබෙයි. උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව තිබෙනවා.අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.
?තුලා
අද දිනය ඔබට ශුභදායක නොවේ. සිත නිතර චංචල වේ. දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වේ.
?වෘශ්චික
අද ඔබට ඉතාමත් ශුභ දවසක් වේ. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වේ.කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබෙයි. ස්ත්‍රීන් කෙරේ වැඩි නැඹුරුවක් ඇත.
?ධනු
ඔබට අද යහපත් ප්‍රථිඵල ලැබෙන දිනයකී.ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලැබෙයි.එමෙන්ම අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ.
?මකර
අද ඔබට දියුණුවේ දොරගුලු විවර වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වෙයි.එය ඔබගේ මතු දියුණුවට හේතු වේ.
?කුම්භ
අද දිනය ඔබට එතරම් යහපත් දිනයක් නොවේ. ඒ නිසා අද හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකිය.ඒ බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ ඇති.
?මීන
අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභ දිනයකී. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි.සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ඇත.ස්ත්‍රීන් කෙරේ වැඩි නැඹුරුවක් ඇති වෙයි. සෞඛ්‍යය ක්ෂේත්‍රෙයේ නියැලෙන්නන්ගෙ ආදායම් ඉහළ යයි.