අද භික්ෂූන් වහන්සේලා දෙනමක් පෝලිමක සිදු කළ දේ

By Sithumi Jun 23, 2022 04:09 PM GMT
Report


මාස හයකට පසු බේරුවල නගරයට ලැබුණු ලාෆ් ගෑස් තොගයක් බේරුවල පොලිසිය මැදිහත් වී බෙදාහැරීම කළ බව බේරුවල පොලිසිය නිවේදනය කළේය. 

 බේරුවල වෙරල ක්‍රීඩාන්ගනයෙ සිටලබාදුන් ගෑස් මිලදී ගැනීමට බේරුවල විහාරස්ථාන දෙකක ස්වාමීන් වහන්සේලා දෙනමක් දවැඩම කර සිටි අතර උන්වහන්සේලා ප්‍රකාශ කළේ විහාරස්ථානයේ දානය හා ගිලන්පස සකසා ගැනීමට ගෑස් අවශ්‍ය නිසා කාලයකට පසුව ගෑස් මිලදී ගැනීමට මෙම ස්ථානයට වැඩම කර බවයි.

බේරුවල වෙරල ක්‍රීඩාන්ගනයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරලබාගැනීමට අති විශාල පිරිසක් පැමිණ සිටි අතර කිලෝ 12.5 ගෑස් ටැංකි 700 ක් සහ කිලො 5 ගෑස් ටැංකි 390 ක් මෙහිදී නිකුත් කළ බව පොලීසිය ප්‍රකාශ කළහ.

පොදුජන පෙරමුණේ බේරුවල ප්‍රාදේශීය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද ගෑස් මිල දී ගැනීමට පෝලිමේ සිටින සිටිනු දැකගත හැකි විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now