නොනවතින කොවිඩ් හමුවේ අද වාර්තාව

By Sithumi Aug 20, 2022 06:28 PM GMT
Report

අද මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16650ක් ලෙසටයි. මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ එක් පිරිමි අයෙක් මියගිය පිරිසට අයත්. අනෙක් පිරිමි පුද්ගලයා සහ කාන්තාවන් දෙදෙනා අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ අයයි. 

 එමෙන්ම ශ්‍රී ලංකාවෙන් අද දිනයේ කොරෝනා වෛරස් ආසාදිතයන් 140ක් වාර්තාවී ඇති අතර  මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 668967ක් ලෙසටයි.