සියල්ලන් හඬවමින් තවත් ප්‍රවීණ අතිශය ජනප්‍රිය රංගධරයෙක් මෙලොව හැරයයි..

funeral Actor Tissa Bandaranayake Bhava Dhuka Wakanda Valawva
By Sewvandhi Feb 20, 2022 04:27 PM GMT
Report

ප්‍රවීණ රංගන ශිල්පියකු වන තිස්ස බණ්ඩාරනායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි බණ්ඩාරනායක මහතා මියයන විට 65 හැවිරිදි වියෙහි පසුවුණා.

භවදුක, වෑකන්ද වලව්ව, නිල් දිය යහන, ඉගිලෙන මාළුවෝ, දැවෙන විහඟුන් ඇතුළු චිත්‍රපට මෙන්ම, ඒකාධිපති, මකර රාක්‍ෂයා, ධවල භීෂණ ආදී වේදිකා නාට්‍ය ඇතුළු නිර්මාණ 300 කට පමණ තිස්ස බණ්ඩාරනායක මහතා රංගනයෙන් දායක වී තිබෙනවා.

ඔහු නිර්මාණ රැසක නිරූපණය කර ඇත්තේ භික්‍ෂූන් වහන්සේගේ චරිතය වීම විශේෂත්වයක්. තිස්ස බණ්ඩාරනායක මහතා දියණියන් දෙදෙනකුගේ පියෙකු ද වනවා.

තිස්ස බණ්ඩාරනායක මහතාගේ දේහය මාකොල දකුණ, ජය මාවත, අංක 16/1 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු කැලණිය, සේපාල කනත්තේදී හෙට (21) පස්වරු 6.00ට සිදු කෙරෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now