බිහිසුණු ටිපර්- වෑන් අනතුරකින් කතක් අවසන් ගමන් යයි..
Police spokesman
Accident
Death
By Aruna
ත්රිකුණාමලය - මහනුවර ප්රධාන මාර්ගයේ හතරැස් කොටුව ප්රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වෑන්රථයක් හා ටිපර් රථයක් බවයි, හබරණ පොලිසිය ප්රකාශ කළේ.
වෑන් රථය හබරන සිට කින්නියා දෙසට ධාවනය වෙමින් තිබියදී, ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි වැලි පැටවු ටිපර් රථයේ ගැටිමෙන් මෙම අනතුර සිදුවි තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලිසිය සදහන් කළේ, තුවාල ලැබු දෙදෙනකු කන්තලේ රෝහලෙන් ප්රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තුවාල ලැබු ටිපර් රථයේ රියදුරා කන්තලේ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවයි.
මියගිය කාන්තාව කින්නියා ප්රදේශයේ පදිංචි 37 වියේ පසුවන අයකු බවත්, ඇයගේ මළ සිරැර පශ්චාත් මරණ පරික්ෂණය සදහා කන්තලේ රොහලේ මෘත ශරිරාගාරයේ තබා තිබෙන බවයි වාර්තා වන්නේ.