සුපිරි ක්‍රීඩක දිල්ෂාන්ට ලැබුණු දේ - ලංකාවෙන් යන්නම යයිද..?

Cricket Sri Lanka Cricket Australia
By Sewvandhi Feb 25, 2024 12:48 PM GMT
Report

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිව තිබේ.

මේ බව සඳහන් කර ඇත්තේ, එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන Jason Wood සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්ය.

එම සටහනින් පාර්ලිමේන්තු මන්ත්‍රී Jason Wood පෙන්වාදෙන්නේ පුරවැසිභාවය පිරිනැමීම සඳහා පැවති උත්සවය මේ හේතුවෙන් තවත් සුවිශේෂී වූ බවය.

එසේම ඒ මහතා තැබූ සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ඉදිරියේදී ඩිල්ශාන් විසින් එරට ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී මෙහෙයක් සිදුකරනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

මේ අතර එහිදී මන්ත්‍රීවරයා විසින් ඩිල්ෂාන්ගේ දියණිය වන රෙසඳි ගැන ද සඳහන් කර ඇති අතර ඇයගේ ක්‍රිකට් අනාගතයටද සුබපැතුම් එක්කර තිබේ.

Gallery