ටික් ටික් සුරූපිණියට වහ වැටුණු පුද්ගලයෙක්.. පෙම් සම්බන්ධය අවසානයේ නැවතුණු තැන.. රුපියල් මිලියන 5ක් ත් අහිමි කරගෙන..

Sri Lanka Police Viral Video TikTok Funny viral video
By Sithumini Sep 11, 2024 07:05 AM GMT
Report

   ටික් ටොක් කියන්නේ මේ දිනවල ජනප්‍රියම සමාජ මාධ්‍ය මෙවලමක්. මේ අතරින් යම් යම් සමාජ සම්බන්ධතා ගොඩනැගීමත් සිදුවෙනවා.

කොහොම වුණත් එහෙම සම්බන්ධයක් නිසා රැවටුණු පුද්ගලයෙක් ගැනයි මේ කතාව..

ස්විස්ටලන්තෙයේ සිටින මෙරට පුද්ගලයෙක් රැවටූ මෙරට කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වංචා කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 05ක් පමණ වන බවයි වාර්තා වන්නේ. ටික් ටොක් හරහා ප්‍රථමයෙන්ම එක් කාන්තාවක් මෙම පුද්ගලයා රවටා සම්බන්ධයක් ගොඩ නගා ගෙන ඇති අතර එය ප්‍රේම සම්බන්ධයක් දක්වා වර්දනය වී තිබෙනවා.

අනතුරුව ඔවුන් දෙදෙනාට ජීවත් වීම සදහා නිවසක් ඉදි කර ගැනීමට වරින් වරින් මුදල් ලබා ගෙන ඇති බවද සදහන්.

අවසානයේ ඔහු මෙරටට පැමිණි පසු ඇය ලබා දුන් ලිපිනයේ එවැනි තරුණියක් නොමැති බව අනාවරණය වී තිබුණා. අනතුරුව මෙම සිද්දියට සම්බන්ධ තිදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.