පරෙවියන් සොරකම් කර එම පක්ෂීන් මරා පුළුස්සා ආහාරයට ගන්නා සංවේදී ටික්-ටොක් වීඩියෝවක් සකසයි..(VIDEO)
Sri Lanka Police
Sri Lanka
Accident
By Aruna
විනෝදයට ඇති කළ පරෙවියන් සොරකම් කර එම පක්ෂීන් මරා පුළුස්සා ආහාරයට ගත් තරුණයින් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.
මෙම සිදුවීම වාර්තා වී තිබුණේ, අලුත්ගම දර්ගා නගරයෙන්.
සැකකරුවන් විසින් පරවියන් මරා අහාරයට ගන්නා ආකාරය ටික්ටොක් වීඩීයෝවක් සකස් කොට අදාළ වීඩියෝව වට්ස්ඇප් ඔස්සේ පරෙවියන්ගේ අයිතිකරු වෙත යොමුකර තිබෙන බවයි පැවසෙන්නේ.
කෙසේවෙතත් අලුත්ගම පොලීසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවන තරුණයින් බවයි වාර්තා වෙන්නේ.
මෙලෙස විනෝදයට ඇතිකරන පරවියන් මරා ආහාරයට ගන්නා ආකාරය දැක්වෙන සංවේදී වීඩියෝව පහතින් නරඹන්න..
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |