හදිසියේ ප්‍රධාන නගරයක ආරක්ෂාව දැඩි කරයි..ඇතුළු වන සියලුම වාහන දැඩි පරීක්ෂාවට..
නුවරඑළිය පොලිස් බල ප්‍රදේශයට ඇතුළු වන සියලුම වාහන පරීක්ෂා කිරීම මේ දිනවල අඛණ්ඩව සිදු කෙරෙන බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසනවා.
ඒ, පාසල් වාර නිවාඩුව මුල් කර ගනිමින් නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ යාම සමඟම මත්ද්‍රව්‍ය සංචරණය වීමේ ප්‍රවණතාව අවම කිරීම වෙනුවෙන් බවයි පැවසෙන්නේ.
දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය මැඩලීමේ 'යුක්තිය' මෙහෙයුම ක්‍රියාන්විතයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.
ඒ අනුව මේ දිනවල දිවා හා රාත්‍රියේ දී නුවරඑළිය පොලීසිය හා තුන් වැනි සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් එක් ව නුවරඑළිය නගර සීමාවට ඇතුළු වන සියලුම වාහන දැඩි පරීක්ෂාවට ලක් කෙරෙණු ඇත.
මේ අතර, ගත වූ පැය 24 තුළ 'යුක්තිය' මෙහෙයුමට සමගාමී ව සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් 771 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ, ඉන් සැකකරුවන් 23 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන අතර එක් අයෙක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මෙම වැටලීම්වලින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 07 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහි දී පොලීසිය පවසන්ගේ, හෙරොයින් ග්‍රෑම් 192ක්, අයිස් ග්‍රෑම් 101ක් හා මත්පෙති 10,611ක් ද සොයා ගත් බවයි.