කඳුකර කොටියාගේ මරණයට සැබෑ හේතුව හෙළිවෙයි - එලියට ආ මරණ වාර්තාව
ඉකුත් අගෝස්තු 7 වැනි දා හැටන්, සමර්හිල් වතු යායේ තේ වත්තක දී මන්දකට හසු වී, පසුව ගසක් මත සිරව සිටි කඳුකර කොටියා ජීවිතක්ෂයට පත්වීමට හේතුව අනාවරණය වී තිබෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව තුළින්.
එම වාර්තාවෙහි සඳහන් වන්නේ, අදාළ කඳුකර කොටියා මිය හාමට හේතුව ඇත්තේ, කම්බියකින් සැකසූ මද්දට කොටියා හසුවී, ඌ උස් ගසක දීර්ඝ වේලාවක් එල්ලී සිටීමෙන් සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදු වූ හානිය නිසාවෙන් බවයි. තවද කොටියා බේරා ගැනීමට ඌ එල්ලී සිටි ගස කැපූ අවස්ථාවේ දී, කොටියා ගසට යටවී නොමැති බවත් එම විමර්ශනවල දී අනාවරණය වී ඇති බව අදාළ කමිටු වාර්තාවේ දැක්වෙනවා.
කෙසේ නමුත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ, කොටියා බේරාගැනීම සඳහා ගස කපා දැමීම අනුමත නොකරන බවත්, මෙවැනි දුෂ්කර ස්ථානයක අනතුරට ලක්ව සිටින සතෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා අවම පහසුකම් යටතේ අන් විකල්පයක් නොමැති බැවින්, දුෂ්කරතා රැසක් මධ්‍යයයේ කොටියාගේ ජීවිතය බේරා ගැනීමට අදාළ නිලධාරින් උත්සාහ දරා ඇති බවයි.
මේ අතර අදාළ නිලධාරින්ට තරයේ අවවාද කළ යුතු බවත් එම කමිටු වාර්තාවේ සඳහන් වනවා. තව ද එම ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව විසින්, කඳුකර කොටිගහණය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව නිර්දේශ 25ක් ද ඉදිරිපත් කර තිබෙනවා. අදාල සිද්ධිය සම්බන්ධව පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යවරයාට මේ වනවිට භාර දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |