ඉන්ධන පිරවුම් හලක් අසල හදිසියේම නොසන්සුන්තාවයක් ..

By Sithumi Jun 13, 2022 05:48 PM GMT
Report

ගෑස් හිඟය නිසා ජනතාව භූමිතෙල් භාවිතයට යොමු වූවත් දැඩි භූමිතෙල් හිඟයක් ද රට තුළ පවතිනවා. මේ හේතුවෙන් භූමිතෙල් ලබාගැනීමට පැමිණි පිරිස් අතර ඇතැම් ප්‍රදේශවල දී නොසන්සුන්තා ද හටගන්නා ආකාරය දැකගත හැකි යි.

මේ අතර, මාස දෙකකට පසු බලන්ගොඩ තුඹගොඩ සමුපකාර ඉන්ධන පිරවුම්හලට අද ලැබුණු භූමිතෙල්වල ජලය මිශ්‍ර වී ඇතැ යි ජනතාව චෝදනා කිරීමත් සමඟ එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බව වාර්තා වනවා.

එහි දී ජනතාව පැවසුවේ, ඔවුන්ට ලබා දුන් භූමිතෙල්වල වර්ණය ද වෙනස් වී ඇති බව යි. අදාළ ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු පැවසුවේ, මේ සම්බන්ධයෙන් අදාළ බලධාරින් දැනුම්වත් කළ බව යි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now