ත්‍රීරෝද රථයක් අඩි 700 ක ප්‍රපාතයකට..දෙදෙනකු එම ස්ථානයේදීම මරුට

By Sithumi Feb 17, 2023 04:36 PM GMT
Report

ත්‍රීරෝද රථයක් අඩි 700ක පමණ ප්‍රපාතයකට පෙරළී යෑමෙන් අද (17) සවස අනතුරක් සිදුවී තිබෙනවා. ඒ, කොලොන්න දෙනියාය රක්වාන මාර්ගයේ ජම්බුගස්වැටිය ප්‍රදේශයේ දී වන අතර අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ වයස අවුරුදු 62ක පුද්ගලයෙක් සහ වයස අවුරුදු 61ක කාන්තාවක් එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

එම කාන්තාවගේ වයස අවුරුදු 62ක් වන ස්වාමි පුරුෂයා සහ වයස අවුරුදු 24 ක් වන ත්‍රීරෝද රථයේ රියදුරා බරපතළ තුවාල සහිතවයි කොලොන්න රෝහලට ඇතුළත් කර ඇත්තේ. 

 අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය සැක කරන්නේ දැඩි බෑවුම් සහ වංගු සහිත මෙම මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම නිසා අනතුර සිදුවන්නට ඇති බවයි.