වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමතිවරු තිදෙනෙකුගේ සේවය අත්හිටුවයි..!
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, මාලදිවයින එරට අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ,සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇති බවය. මාලදිවයින එරට අමාත්‍යවරයෙකුගේ සහ අමාත්‍යවරියකගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බවය.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මාලදිවයින් අමාත්‍යවරයෙකු විසින් ඉන්දියාව සම්බන්ධයෙන් සිදුකරන ලද මතභේදාත්මක ප්‍රකාශයක් මුල් කරගනිමින් ඉන්දීය ජාතිකයින් රැසක් මාලදිවයිනේ සිදුකිරීමට සැලසුම් කර තිබූ සිය සංචාරයන් අවලංගු කරමින් සිටින බවටයි.
විදෙස් විචාරකයින් පෙන්වාදෙන්නේ, මෑතකාලීනව දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල හටගත් අර්බුදකාරී තත්ත්වය මෙමගින් තවදුරටත් උග්‍ර වනු ඇති බවයි.
සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ දී මාලදිවයින ඉන්දියාවට අභියෝගයක් වී ඇති බව පවසමින් මාලදිවයින් අමාත්‍යවරයෙකු වන අබ්දුල්ලා මාසූම් මජීඩ් මතභේදාත්මක සටහනක් සිය ‘එක්ස්‘ අවකාශයේ තබා තිබු අතර එම සිදුවීම මුල් කරගනිමින් මෙලෙස ඉන්දියානුවන් අතර මාලදිවයින සම්බන්ධයෙන් අප්‍රසාදයක් ගොඩ නැගී ඇති බව සඳහන් වේ.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මොහොමඩ් මුයිසු මාලදිවයිනේ ජනාධිපති ධුරයට පත්වීමත් සමග චීනය සමග පවතින සබඳතා වර්ධනය කරගැනීමට ඔහු කටයුතු කර ඇති අතර ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා හෙට චීනය බලා පිටත්ව යාමට නියමිත බවය.
Sponsored By Sarrita Jewellery