වහාම ක්‍රියාතමක වන පරිදි දිවයින පුරා රෝහල් වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි.

Sri Lanka Army Ministry of Health Sri Lanka Sri Lanka Navy Sri Lanka Air Force National Health Service
By Aruna Jan 16, 2024 04:36 AM GMT
Report

රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඉල්ලීමක් මත මෙලෙස ත්‍රිවිධ හමුදාව රෝහල් සඳහා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

වහාම ක්‍රියාතමක වන පරිදි දිවයින පුරා රෝහල් වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි. | Three Armed Forces Are Called To Hospitals

අද උදෑසන 06.30 සිට ‍සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු හැර වෘත්තීය සමිති 72ක් පැය 24ක කාලයක් සඳහා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන අතර අත්‍යාවශ්‍ය කටයුතු පමණක් සිදුකිරීමට ද සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර ඇත.

වහාම ක්‍රියාතමක වන පරිදි දිවයින පුරා රෝහල් වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි. | Three Armed Forces Are Called To Hospitals

කෙසේවෙතත් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් වර්ජනයේ නිරත වෘත්තීය සමිති සඳහා සාකච්ඡාවකට ද ආරාධනා කර ඇති බව ද වාර්තා වේ.

Sponsored By Sarrita Jewellery

වහාම ක්‍රියාතමක වන පරිදි දිවයින පුරා රෝහල් වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි. | Three Armed Forces Are Called To Hospitals