කටුනායකින් සහ නැවෙන් රට යන අයට බද්දක්. (වැඩි විස්තර මෙන්න.)

Sri Lanka
By Wayomi Jan 18, 2023 11:00 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළකින් හෝ වරායකින් පිටත්ව යන පුද්ගලයින් විසින් ගෙවිය යුතු අපගමන බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනයට අනුව 2022.03.27 සිට 2023.03.26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ රත්මලාන සිට ගුවන් යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන සෑම තැනැත්තෙක්ම ඇමරිකානු ඩොලර් 30 ක අපගමන බද්දක් ගෙවිය යුතු වෙනවා.

එමෙන්ම 2023.01.12 සිට 2023.07.11 දක්වා කාලපරිච්ඡේදය තුළ දී යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන සෑම තැනැත්තෙකුගෙන්ම ද ඩොලර් 30 ක අපගමන බද්දක් අය කරනු ලබනවා.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මත්තල, රත්මලාන හෝ යාපනය යන ජාත්‍යන්තර ගුවන්තොටුපළ හැර ශ්‍රී ලංකාවේ වෙනත් ගුවන් තොටුපළකින් පිටත්ව යන ඕනෑම අයෙකු විසින් ඩොලර් 60 ක අපගමන බද්දක් ගෙවිය යුතු බවයි.

මෙම නියමය කටනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත්ව යන තැනැත්තන් සඳහා අදාළ වනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ සිට නෞකා මාර්ගයෙන් පිටත්ව යන තැනැත්තන් ද ඩොලර් 60 ක අපගමන බද්දකට යටත් වෙනවා.

මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ සමඟ මෙහෙයුම් ආරම්භ කරනු ලබන ජාත්‍යන්තර ගුවන් සමාගම් සඳහා මෙහෙයුම් ආරම්භ කරනු ලබන දින සිට වසර දෙක කාලයක් මෙම බද්ද අය කිරීම නිදහස් වේ.

ඒ අනුව මෙම අපගමන බදු නියෝග 2023 ජනවාරි 12 දින සිට ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


Gallery