සංශෝදන රැසක් සමඟ අද පාර්ලිමේන්තුව ඇරඹුණේ මෙහෙමයි. (LIVE VIDEO)

Parliament of Sri Lanka Government Of Sri Lanka
By Wayomi Feb 20, 2024 04:49 AM GMT
Report

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද(20) පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව දින 03ක් රැස්වීමට නියමිතයි.

ඒ, අනුව අද දිනයේ දී සුරක්ෂිත ලත් ගනුදෙනු, භාර ලදුපත් සංශෝධන, උකස් සංශෝධන, කල්බදු මූල්‍යකරණ සංශෝධන, සමාගම් සංශෝධන, ලේඛන ලියාපදිංචි කිරීමේ සංශෝධන යන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ.

එමෙන්ම හෙට (21) දිනයේ දී රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙනඑන යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත අතර එය හෙට පෙරවරු 10.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර අනින්දා දිනයේ දී අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.