තුන්වන පාසල් වාරය ආරම්භය ගැන දැනුම්දීමක්..

Ministry of Education A D Susil Premajayantha Sri Lanka
By Sithumi Dec 01, 2022 11:18 AM GMT
Report

අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින්, කියා සිටින්නේ අදින් 2022 දෙවන පාසල් වාරය අවසන් වන බවත් තුන්වන වාරය ලබන 5වනදා ආරම්භ වන බවයි . එය ක්‍රියාත්මක වන්නේ අදියර තුනකිනි.

ඒ අනුව එහි පළමු අදියර එදින සිට ලබන 22 වනදා දක්වා පාසල් පැවැත්වෙනවා. 23 වනදා සිට ලබන වසරේ ජනවාරි 01 දා දක්වා යළි පාසල් නිවාඩුව ලබාදෙන අතර දෙවන අදියර යටතේ ජනවාරි 02 වනදා සිට 20 වනදා දක්වා යළි පාසල් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ජනවාරි 21 වනදා තුන්වන වාරය සඳහා යළි නිවාඩු දෙන පාසල්, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි 19 වනදා දක්වා නිවාඩු ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ. තුන්වන අදියර යටතේ යළි පාසල් ආරම්භ වන්නේ පෙබරවාරි 20 වනදායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery