ඔයත් ෆෝන් එක බැක් කවරෙත් තියෙද්දිම චාජ් කරනවද..? චාර්ජ් කරද්දී මේ වැරදි කරනවනම් ෆෝන් එකේ ආසාව නැති කරගන්න..
ජංගම දුරකතනය කියන්නේ තරුණ මහළු කොයි කාටත් නැතිවම බැරි දෙයක්.
ඉතින් දුරකතනය පාවිච්චි කරන අය දැන ගතයුතු කරුණු ටිකක් ගැන තමයි මේ කියන්න යන්නේ.මේ තොරතුරු ඉතාමත් වැදගත් වේවි කියලයි හිතන්නේ.
chager එක සොකට් එකෙන් නොගැලවීම
ගොඩක් දෙනෙක් phone භාවිතා නොකරන අවස්ථාවලදී පවා charger එක සොකට් එකේ තිබෙන්නට හරිනවා. ඇත්තටම එය භයානක දෙයක් වෙන්න පුළුවන්. මොකද phone එක සම්බන්ධ කර නොමැති අවස්ථාවකදී වුණත් charger එක මගින් විදුලිය දිගටම පිටතට ඇදෙනවා. එමඟින් ඔයාට හෝ වෙනත් කෙනෙක්ට අනතුරක් වෙන්න පුළුවන්.
ඒ වගේම විදුලි බිල වැඩි වීම සහ බොහෝ වේලාවක් එසේ තිබීමේදී එහි උෂ්ණත්වය වැඩි වන නිසා එය ගිනිගෙන අසල යමකට ගිනි ඇවිලීමට හෝ කාමරයේ ආර්ද්‍රතාවය වැඩිනම් එය ෂෝර්ට් වීම පවා සිදු වෙන්න පුළුවන් බව මතක තබාගන්න. ඒ නිසාම ඔයා phone එක charge වෙලා ඉවර වුණාට පස්සේ ඒක සොකට් එකෙන් ගලවා ඉවත් කරන්න.
බැටරිය 100%ක්ම charge කිරීම
සෑම අවස්ථාවකදීම phone එක 100%ක්ම charge කරලා තියාගන්න සමහරු උත්සහ කරනවා. හැබැයි එමඟින් phone battery එකේ ආයු කාලය අඩු වෙනවා.
සාමාන්‍යයෙන් ඕනෑම battery එකක් charge කළ හැකි නිශ්චිත වට ගණනක් තිබෙන නිසා ඔයා එය නිතර නිතර උපරිම ප්‍රමාණයට chage කිරීමෙන් එම වට ගණන ඉක්මණින් අවසන් යනවා. ඒ නිසා උපරිම phone එක charge එක 70%, 80% හෝ 90% වගේ ප්‍රමණයක් අතර පවත්වාගන්න.
charge කරන්න 0%ක් වනතෙක් සිටීම
සමහරු ඉන්නවා phone එක battery එක බින්දුවටම බැස්සාම තමයි charge කරන්නේ.එය phone එකට අහිතකරයි. ෆොනේ එක ආයු කාලය අඩු වෙන්න එය ගොඩක්ම බලපානවා. battery එක 20% වගේ වීගෙන එනවිට charge කරන්න පුරුදු වෙන්න.
රෑ එළිවෙනකන් phone එක charge කිරීම
උදේට භාවිතයට ගන්න ලේසි නිසාත්, full charge වන නිසාත් රෑට phone එක charge එකට දාලා තමයි නිදාගන්නේ. ඒකෙන් සිදු වෙන්නේ phone එක charge විය විය යුතු පැය ගණන ඉක්මවා charge වීමයි.
සමහර වෙලාවට උදේ වෙද්දී phone එක රත්වෙලා තියෙන්නත් පුළුවන්.phone ආයු කාලය අඩු වෙන්න උදව් වෙනවා. ඒ නිසා රෑට නිදාගන්න කලින් ෆොනේ එක charge කරන්න. පුළුවන් නම් off කරලම නිදාගන්න.
charge වන අතරතුර එය භාවිතා කිරීම
කිසිම වෙලාවක phone එක charge වෙමින් පවතින අතරතුර එය භාවිතා කරන්න එපා. එමඟින් battery එකට එකම අවස්ථාවේදී විදුලිය ලබා දීමත් එයින් ඉවත් කිරීමත් සිදුවෙනවා.
එකවර ක්‍රියාවන් දෙකක නිරත වීමට සිදුවීම නිසා එය battery හානි කරනවා වගේම ඔයාට අනතුරුදායක තත්වයන් ඇති කරන්න පුළුවන්. ඔයාට හදිසි call එකක් ගන්න අවශ්‍ය නම් ඒ මොහොතට phone එක charger එකෙන් ගලවා, call එක අවසන් වූ පසු charge කරගන්න.
Back cover තිබියදීම chrage කිරීම
phone එකේ ආයු කාලයට බලපාන තවත් දෙයක් තමයි අධික උෂ්ණත්වය. ඒ නිසා එහි Back cover තිබියදී charge කිරීමෙන් වළකින්න. නැත්නම් එහි නිපදවන උෂ්ණත්වය Back cover එක තුළම සිරකර තබා ගැනෙනවා. එය batteryට විතරක් නෙවෙයි phone එක ඇතුලත ඇති අනෙකුත් උපාංග වලට පවා අහිතකර ලෙස බලපානවා.
වෙනත් charger භාවිතා කිරීම
හැම phone එකටම ඊටම අදාළ charger එක්ක ලැබෙනවා. හැබැයි ඒ වෙනුවට වෙනත් වෙළඳ නාමයක චාජරයක් හෝ එකම වෙළඳ නාමයේ එහෙත් වෙනත් මොඩලයක් සඳහා නිපදවූ charger එක්ක භාවිතා කිරීම මගින් battery උවමනා ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් විදුලිය සැපයෙන අවස්ථා තියෙනවා. එවිට phone එක ඉතා සෙමෙන් charge වීම වීම හෝ අධිකව රත් විය හැකියි. ඒ හින්දම ඔයාගේ phone එකට සුදුසු charger එකක් භාවිතා කරන්න.
laptop එකට සම්බන්ධ කර charge කිරීම
ගොඩක් අය වැඩ කරන අතරතුර laptop එකට cable එක ගහලා phone එක charge කරගන්නවා. ඒකෙන් phone එක charge වෙන්න වෙලා යනවා වගේම phone එකට සහ laptop අහිතකරයි. ඒක නිසාම කාලයක යද්දී phone එක charge වීම හොරවෙනවා සහ charger එක අක්‍රිය වී යනවා. හැමවෙලේම බිත්තියට සම්බන්ධ සොකට් එකක් හරහා phone එක charge කරගන්න.
( උපුටා ගැනීමකි )