ඉස්කෝලෙකට හොරු කඩා පැනලා - ගොඩක් දේවල් අරන් ගිහින්.. එහෙ වෙලා තියෙන හරියක්..

Sri Lanka Police Galle Sri Lankan Schools School Incident Latest Headlines
By krishani Jun 30, 2024 12:28 PM GMT
Report

ගාල්ල වැලිවත්ත ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගේ නිළ කාමරය කඩා එහි තිබූ මුදල් සොරා ගෙන ගොස් ඇති පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

ඉස්කෝලෙකට හොරු කඩා පැනලා - ගොඩක් දේවල් අරන් ගිහින්.. එහෙ වෙලා තියෙන හරියක්.. | Thieves Broke Into A School In Galle

එහිදී විදුහල්පතිවරයාගේ නිල කාමරයේ තිබූ රුපියල් 11,000ක මුදලක් සහ විදුහලේ ආපන ශාලාවේ තිබූ ගෑස් සිලින්ඩර් 02ක් සොරාගෙන ගොස් තිබෙනවා.

ඒ බව පොලීසිය සඳහන් කළේ ය.

එමෙන්ම, විදුහලේ තිබූ සීසීටීවී කැමරා පද්ධතිය ද සොරාගෙන ගොස් ඇති බව සඳහන් විය.

කෙසේ වෙතත්, පොළීසිය සැක පල කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් පාසලට ඇතුලු වී මෙම සොරකම සිදු කරන්නට ඇති බව ය.