මෙරට අක්ෂි කාචවල හිඟයක්. - ගෙන්වීමත් නතර කරලා.

Eye Problems Ministry of Health Sri Lanka
By Wayomi Jan 23, 2024 03:51 AM GMT
Report

කොළඹ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි කාචවල හිඟයක් පවතින රෝහල් ආරංචි මාර්ග පවසනවා.

එලෙස අක්ෂි කාච දැමීමට පැමිණෙන සමාන්‍ය රෝගීන්ට එම කාච ඇණවුම් කිරීමෙන් පසු ලබාගැනීමේ හැකියාව ඇති අතර ඒ සඳහා රෝගින්ට යම් කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳි සිටීමට සිදු වී තිබෙනවා.

එමෙන්ම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම අක්ෂිකාචද දානපතින් විසින් ලබාදෙන අක්ෂිකාච බවත්, විශේෂ සැත්කම් සිදුකිරීමට අවශ්‍ය රෝගින්ට එම විශේෂිත අක්ෂිකාච පිටතින් මිලදී ගැනීමට සිදුව ඇති බවත්ය.

මෙරට අක්ෂි කාචවල හිඟයක්. - ගෙන්වීමත් නතර කරලා. | There Is A Shortage Of Contact Lenses

මෙරට ජනගහනයෙන් පුද්ගලයන් ලක්ෂ දෙකක් අන්ධභාවයෙන් පෙළෙන අතර එම පිරිසෙන් පුද්ගලයන් එක්ලක්ෂ පනස්දහසකගේ (150000 ) පෙනීම යළි ලබා දීමට හැකියාව ඇත.

කෙසේ වෙතත් ඒ සඳහා අවශ්‍ය අක්ෂි කාච, එන්නත් වර්ග සහ අනෙකුත් ශල්‍ය උපකරණ නොමැති වීම හේතුවෙන් අදාළ සැත්කම් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති අතර විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ අක්ෂි සංකුලතා වැඩි වී ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා.

මෙරට අක්ෂි කාචවල හිඟයක්. - ගෙන්වීමත් නතර කරලා. | There Is A Shortage Of Contact Lenses

නමුත් මේ වන විට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අක්ෂි කාච මෙරටට ගෙන්වීම නතර වී තිබෙනවා.       


                                                                     Sponsored By Sarrita Jewellery

මෙරට අක්ෂි කාචවල හිඟයක්. - ගෙන්වීමත් නතර කරලා. | There Is A Shortage Of Contact Lenses